විස්තර විචාරයට ආ ගිබ්ස් කොළඹ කණ්ඩායමේ පුහුණුකරු වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ, කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩේව් වට්මෝර් ද පත් කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව ඔහු වෙනුවට කබීර් අලී පත් කෙරුණු අතර, ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසයි පත් කර තිබුණේ.

නමුත්, මේ වන විට කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබෙනවා.

ඒ, චමින්ද වාස් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන්.

Comments (0)
Add Comment