මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, තරගාවලියේ 31 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ඊයේ ලැබූ කඩුලු 9ක විශිෂ්ඨ ජයත් සමගයි.
කොල්කටා කණ්ඩායම තරග 8කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියනවා.
බැංගලෝර් කණ්ඩායම තවදුරටත් තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 10ක් හිමි කර ගනිමින්.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුව චෙන්නායි හා දිල්ලි කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 6 බැගින් ජය ලබා හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.
සිව්වන ස්ථානයේ රැදී සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියනවා.