නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසක් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.
ඒ අනුව ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමේ අරමුණින් දෙවැනි ටෙස්ට් තරගය පැවැති වෙලින්ටන් නුවරම තවදුරටත් රැදී සිටීමට නියමිතව තිබෙනවා.
දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ලකුණු 323 ක දරුණු පරාජයක් ලැබූ අතර, ඒ හේතුවෙන් ඔවුන් තරගාවලිය ද තරග 2-0 ක් ලෙස මේ වන විටත් පරාජයට පත්ව අවසන්.
කොන්වේ වෙනුවට මාර්ක් චැප්මන් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, තෙවැනි ටෙස්ට් තරගය සදහා බොහෝ විට විල් යන්ග් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. ඉන්දීය සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙස ඔහු සම්මානයෙන් පිදුම් ලැබූ නමුත්, කේන් විලියම්සන්ගේ පැමිණීමත් සමග එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව යන්ග්ට අහිමි වුණා.