කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ එංගලන්ත ක්‍රීඩක ලැයිස්තුව එළියට

2024 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එංගලන්ත ක්‍රීඩකයින් අත්සන් තබා ඇති නව කොත්ත්‍රාත් ගිවිසුම් පිළිබද තොරතුරු එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 29 දෙනෙකු කොන්ත්‍රාත් අත්සන් කර ඇති අතර, ක්‍රීඩකයින් 5 දෙනෙකුට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එනම්, ජෙමී ස්මිත්, පිල් සෝල්ට්, ශොයිබ් බෂියර්, විල් ජැක්ස් හා ඔලී ස්ටෝන් යන ක්‍රීඩකයින්. ස්මිත් වසර දෙකක ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, අනෙක් සියලු දෙනා වසරක කාලයක් සදහායි ගිවිසුම්ගත වී ඇත්තේ.

මොයීන් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ඩේවිඩ් මලාන් විශ්‍රාම ගෙන ඇති බැවින් ඔවුන් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තබා නොමැති අතර, බෙන් ෆෝක්ස්, ඔලී රොබින්සන්, මැතිව් ෆිෂර් හා සකිබ් මහ්මූද්ට කොන්ත්‍රාත්තු අහිමි වී තිබෙනවා.

සුදු පන්දු නායක ජොස් බට්ලර් හා රතු පන්දු නායක බෙන් ස්ටොක්ස් අත්සන් තබා ඇත්තේ වසර දෙකක කොන්ත්‍රාත් ගිවිසුමක්.

England men centrally contracted players 2024-2025

Two-year contracts: Gus Atkinson, Harry Brook, Jos Buttler, Joe Root, Jamie Smith, Ben Stokes, Mark Wood

One-year contracts: Rehan Ahmed, Jofra Archer, Jonny Bairstow, Shoaib Bashir, Brydon Carse, Zak Crawley, Sam Curran, Ben Duckett, Will Jacks, Jack Leach, Liam Livingstone, Ollie Pope, Matthew Potts, Adil Rashid, Phil Salt, Olly Stone, Josh Tongue, Reece Topley, Chris Woakes

Development contracts: Jacob Bethell, Josh Hull, John Turner

Comments (0)
Add Comment