කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුබ ආරංචියක්

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට සූදානම්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළධාරීන් 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් සදහා සිදු කළ PCR වෛද්‍ය පරික්ෂණයෙන් අනතුරුවයි.

මීට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී පුහුණුකරු මිකී ආතර් සහ ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වුණා.

ඒ හේතුවෙන් කොදෙව් තරග සංචාරය ද තාවකාලිකව කල් දැමීමටයි පියවර ගැණුනේ.

තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment