බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.
උරහිසක ආබාධයකට ලක්ව පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ට මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ආබාධයකට ලක් වීම හේතුවෙන් අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය අහිමි වූ දග පන්දු යවන ක්‍රීඩක කෙවින් සින්ක්ලෙයාර් යළි සංචිතයට කැදවා තිබෙනවා.
2022 වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩර්සන් පිලිප් ද සංචිතයට යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
දකුණූ අප්‍රිකා ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැන් වූ වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් ද යළි සංචිතයට නම් කර තිබෙනවා.
මේ අතර, ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකු සහිත සංචිතයේ ස්ථාන ගුඩකේෂ් මෝතිට හා බ්‍රයන් චාර්ල්ස්ට අහිමි වී තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එළඹෙන 22 වැනිදා Antigua හී දී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර එළඹෙන 17 වැනිදා හා 18 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම දෙදින පුහුණු තරගයක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම සංචිතයේ ද නායකයා ලෙස පත් කර ඇත්තේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.
West Indies Test squad
Kraigg Brathwaite (c), Joshua Da Silva (vice-capt), Alick Athanaze, Keacy Carty, Justin Greaves, Kavem Hodge, Tevin Imlach, Alzarri Joseph, Shamar Joseph, Mikyle Louis, Anderson Phillip, Kemar Roach, Jayden Seales, Kevin Sinclair, Jomel Warrican
CWI Select XI squad
Kraigg Brathwaite (c), Justin Greaves (vice-capt), Ryan Bandoo, Daniel Beckford, Navian Bidaisee, Joshua Dorne, Nathan Edward, Chaim Holder, Tevin Imlach, Jordan Johnson, Jair McAllister, Shaaron Lewis, Kimani Melius