බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කිරීමට කොදෙව් තේරීම් කමිටුවට සිදුව තිබෙනවා.
ඒ අනුව වේග පන්දු යවන්නන් වන මැතිව් ෆෝර්ඩ් හා ශමාර් ජෝසප් ආබාධවලට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔවුන් දෙදෙනා වෙනුවට Marquino Mindley හා Jediah Blades යන වේග පන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ආදේශ කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා ශාන්ත කිට්ස් හා නෙවිස්හීදී ආරම්භ වීමට නියමිතයි.
West Indies squad:
Shai Hope (c), Brandon King (vc), Jediah Blades, Keacy Carty, Roston Chase, Justin Greaves, Shimron Hetmyer, Amir Jangoo (wk), Alzarri Joseph, Evin Lewis, Marquino Mindley, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd
Series schedule:
- First ODI: December 8, St Kitts & Nevis
- Second ODI: December 10, St Kitts & Nevis
- Third ODI: December 12, St Kitts & Nevis