කොදෙව්වන් හා ඔස්ට්‍රේලියාව අතර 2025 ටෙස්ට් තරගාවලියට වෙනසක්

ලබන වසරේ දී ඔස්ට්‍රේලියාව සිදු කරන බටහිර ඉන්දී කොදෙව් තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් වෙනුවට තුනක් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකග වී තිබෙනවා.

ඒ අනුව කොදෙව්වන් හා ඔස්ට්‍රේලියාව අතර තරග 3කින් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවක් ඇතුළත් ටෙස්ට් තරගාවලියක් මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ 2015 වසරෙන් පසුව පළමු වරටයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත අදාළ ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් දෙකම 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

Comments (0)
Add Comment