2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකා කාන්තාා කණ්ඩායම් සමත් වුණා.
ඒ, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් එංගලන්තය පරදා කොදෙව් ක්‍රීඩිකාවන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඒ අනුව 2010 වසරෙන් පසුව පළමු වරටයි එංගලන්තයට T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණේ.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොදෙව්වන්, දකුණු අප්‍රිකාව හා එංගලන්තය යන රටවල් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සම මට්ටමේ පසු වූ නමුත්, ශුද්ධ ලකුණු වේගය අතින් කොදෙව්වන් හා දකුණු අප්‍රිකාව යන රටවල් එංගලන්තයට වඩා ඉදිරියෙන් පසු වූ බැවිනුයි ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ.
B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි වූ අනෙක් රටවල් දෙක වූයේ බංග්ලාදේශය හා ස්කොට්ලන්තයයි.
මේ අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය සමත් වුණා. ඉන්දියාවට, පාකිස්තානයට හා ශ්‍රී ලංකාවට එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
ඩුබායිහි ඊයේ රාත්‍රියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 141 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා පිල පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Qiana Joseph ලකුණු 52 ක් හා නායිකා Hayley Matthews ලකුණු 50 ක් රැස් කරමින් කොදෙව්වන් අවසන් පූර්ව වටයට රැගෙන ගියා.
අවසන් පූර්ව වටයේ තරග හෙට ආරම්භ වන අතර, පළමු තරගය ඩුබායිහී දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතරයි. දෙවැනි අවසන් පූර්ව තරගය සිකුරාදා(18) නවසීලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිතයි.
The pack shuffles after West Indies’ incredible win in the final match to top Group B 👊
How it happened➡️ https://t.co/dvM4Gfq017#WhateverItTakes pic.twitter.com/uc6wrXKQsQ
— T20 World Cup (@T20WorldCup) October 16, 2024
Trans-Tasman rivals heading to the #T20WorldCup semi-finals as Group A concludes in UAE 🏏
More 👉 https://t.co/Kg0v9i8P3g#WhateverItTakes pic.twitter.com/DIRa13LqEu
— T20 World Cup (@T20WorldCup) October 15, 2024