බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, සංචිතය සදහා අග්‍රාමාත්‍ය හා ක්‍රීඩා අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අනුමැතිය ලබා දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
භානුක රාජපක්ෂ කලකට පසු විස්සයි 20 සංචිතයට කැදවා ඇති අතර, දසුන් ශානකට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. භානුක අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ ජනවාරි මාසයේදී යි.
අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙන් නිමා වූ ඉන්දීය තරගාවලි අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම තරගාවලියට ද ඇතුළත්ව නැහැ. බිනුර ප්‍රනාන්දු ද අසනීප තත්ත්වයක් නිසා ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ අතර, ඔහු කොදෙව්වන්ට එරෙහි සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්දීය එක්දින තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ජෙෆ්රි වැන්ඩර්සේ ද යළි විස්සයි 20 සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ නුවන් තුෂාර යළි සංචිතයට කැදවා ඇති අතර, ඔහු වෙනුවට ඉන්දීය තරගාවලියට නම් කෙරුණු ඩිල්ෂාන් මදුෂංකට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.
දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය එළඹෙන 13, 15 හා 17 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
The squad
1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Kusal Mendis
4. Kusal Janith Perera
5. Kamindu Mendis
6. Dinesh Chandimal
7. Avishka Fernando
8. Bhanuka Rajapaksa
9. Wanindu Hasaranga
10. Maheesh Theekshana
11. Dunith Wellalage
12. Jeffrey Vandersay
13. Chamidu Wickramasinghe
14. Nuwan Thushara
15. Matheesha Pathirana
16. Binura Fernando
17. Asitha Fernando