කුසල්ට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ? පළමු තරගයට දග පන්දු යවන්නන් තිදෙනෙක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(20) ආරම්භ වනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය හෙට පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගය සදහා දග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ඒ අනුව පළමු එක්දින තරගය සදහා වනිදු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සේ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව චරිත් පෙන්වා දුන්නා.

වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. අංක 6 පිතිකරු ලෙස ස්ථාවර වී සිටින ජනිත් ලියනගේ මද වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ද යොදා ගත හැකි බැවින් ශ්‍රී ලංකා එක්දින සංචිතයට පළමු වරට කැදවූ තුන් ඉරියව් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහට හෙට තරගයේ දී එක්දින වරම් දිනා ගැනීමට අවස්ථාවක් ඇති බවක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ අතර, ආබාධයක් සහිතව විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පළමු එක්දින තරගයෙන් විවේක ගැන්වීමට ඉඩ ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

එසේ වුවහොත්, අවිශ්ක ප්‍රනාන්දු සමග කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කිරීමට ඉඩ ඇති බවත්, කමිදු මෙන්ඩිස් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇති බවත් සදහන්.

මේ අතර, එක්දින තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා බලගොල්ල අභිත ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවලින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොපැවැත්වෙන දිනවලදී බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

  • Tickets for the ODI series to be played at PICS, Pallekele, will be as follows:
    The counter at PICS, Pallkele, on non-match days
    The counter at Abeetha Ground, Balagolla, on non-match days.
    The counters will be kept open from 09 am to 20 hours.
    The gates will be opened at 12.30 pm on match days for the public to enter the grounds.
Comments (0)
Add Comment