කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම වෙනස් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් අටෙන් එක් කණ්ඩායමක් වන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සිය නම සංශෝදනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ සිට පන්ජාබ් කණ්ඩායම “පන්ජාබ් කිංග්ස්” යන නමින් හැදින්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකාරීත්වය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ද දැනුම් දී ඇති බව සදහන්.

ඒ අනුව ඒ සදහා අනුමැතිය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ නාමය සංශෝදනය කිරීමට ගෙන ඇති තීරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකාරිණියක් ලෙස සුපිරි බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා කටයුතු කරනවා.

කණ්ඩායමේ නායකයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ කේ.එල් රාහුල්.

මෙවර තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙණ 18 වනදා සිදු කිරීමට නියමිතයි.

WORLD NEWS
Comments (0)
Add Comment