කැනඩා ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් දසනායක ඉවතට

කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පුබුදු දසනායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ජූනි පළමු වැනිදා පැවැත්වෙන පළමු තරගයේ දී ම ඇමෙරිකාවට එරෙහිව කැනඩාව තරග වැදීමට නියමිතව ඇති පසුබිකයි මෙලෙස ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව හා කැනඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇති දසනායක, පසුගිය වසර දෙක තුළ කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළා.

ඔහු මීට පෙර නේපාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවරක් කටයුතු කර තිබූ අතර, ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

පුබුදු දසනායක වෙනුවට මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා පත් කර නැහැ.

Comments (0)
Add Comment