එංගලන්තය 332/4 – Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ(21) නිමා වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 332ක් ලබා සිටියා.

සැක් ක්‍රවුලි නොදැවී ලකුණු 171ක් සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 87ක් රැස් කර ගෙන කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර පස් වන කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 205ක්.

පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Comments (0)
Add Comment