කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – වනිදු, තීක්ෂණ ඉවතට

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, අද තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ අද තරගයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ අකිල ධනංජය හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් දෙදෙනායි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

කණ්ඩායම් දෙක –

Afghanistan:

Rahmanullah Gurbaz, 2 Ibrahim Zadran, 3 Rahmat Shah, 4 Hashmatullah Shahidi (capt), 5 Ikram Alikhil (wk), 6 Azmatullah Omarzai, 7 Sharafuddin Ashraf, 8 Mohammad Nabi, 9 Fareed Ahmad, 10 Fazalhaq Farooqi, 11 Qais Ahmad

Sri Lanka:

Avishka Fernando, Pathum Nissanka, Kusal Mendis (c, wk), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Dunith Wellalage, Akila Dananjaya, Asitha Fernando, Pramod Madushan, Dilshan Madushanka

Comments (0)
Add Comment