ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 හා එක්දින ක්‍රිකට් තරගාවලි සදහා වන පාකිස්තාන කාන්තා සංචිත අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.
මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන කඩුලු රකින ක්‍රීඩිකා Gull Feroza හා පා දග පන්දු යවන්නියක වන Tuba Hassan 20යි 20 සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති Sadaf Shamas එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
Gull Feroza එක්දින සංචිතය සදහා ද නම් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (19) කරච්චි නුවරට ළඟාවීමට නියමිතයි.
තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි 20 තරගාවලිය මැයි 24, 26 සහ 28 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ජූනි 1, 3 සහ 5 යන දිනවලදීයි.
T20I squad:
Bismah Maroof (captain), Aimen Anwar, Aliya Riaz, Anam Amin, Ayesha Naseem, Diana Baig, Fatima Sana, Gull Feroza, Iram Javed, Kainat Imtiaz, Muneeba Ali Siddiqui, Nida Dar, Omaima Sohail, Sadia Iqbal and Tuba Hassan.
ODI squad:
Bismah Maroof (captain), Aimen Anwar, Aliya Riaz, Anam Amin, Diana Baig, Fatima Sana, Ghulam Fatima, Gull Feroza, Muneeba Ali Siddiqui, Nida Dar, Omaima Sohail, Sadaf Shamas, Sadia Iqbal, Sidra Amin and Sidra Nawaz.