ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.
සුපුරුදු පරිදි චමරි අතපත්තු ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායිකාව ලෙස කටයුතු කරනවා.
වමත් වේග පන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝදනී හා පිතිකාරිණී ඉමේෂා දුලානි යළි සංචිතයට කැදවා ඇති අතර, රෂ්මිකා සෙව්වන්දි, මනුදි නානායක්කාර, හන්සිමා කරුණාරත්න හා ඉනෝෂි ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් නැහැ.
කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් දෙවැනිදා දක්වායි.
තරගාවලියේ පළමු තරගය සදහා සැප්තැම්බර් 30 වැනිදා ගුවහාටිහීදී තරග වදින්නේ ද සත්කාරක රටවල් දෙක වන ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි.
ශ්‍රී ලංකා සංචිතය –
1) Chamari Athapaththu – Captain
2) Hasini Perera
3) Vishmi Gunarathne
4.) Harshitha Samarawickrama
5.) Kavisha Dilhari
6.) Nilakshi De Silva
7.) Anushka Sanjeewani – Vice Captain
8.) Imesha Dulani
9.) Dewmi Vihanga
10.) Piumi Wathsala
11.) Inoka Ranaweera
12.) Sugandika Kumari
13.) Udeshika Prabodhani
14.) Malki Madara
15.) Achini Kulasooriya