ක්‍රීඩකයෙකුට කොරෝනා වැළදීමෙන් පාකිස්තාන සුපර් ලීග් තරගයක් කල් යයි

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(1) පැවැත්වීමට නියමිත වූ තරගාවලියේ 12 වන තරගය හෙට(2) දිනය දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහ්මඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි අද මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ.

පළමුව එම තරගයේ ආරම්භය පැය දෙකකින් පමණ ප්‍රමාද කිරීමට ද තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලියේ 12 වන තරගය හෙට දිනය දක්වා කල් දමන බවයි.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සෙසු සියලු ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට ද අණාවරණය වී තිබෙනවා.

හෙට(2) දිනයේ දී සියලු කණ්ඩායම් PCR පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

මීට පෙර හෙට දිනය තරගාවලියේ විවේක දිනයක් ලෙසයි නම් කර තිබුණේ.

WORLD NEWS
Comments (0)
Add Comment