ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ මූලික කාර්යය භාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍ය නිළධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබද උපදෙස් ලබා දීමයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළත්.

රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින්.

 

SRI LANKA NEWS
Comments (0)
Add Comment