ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනියි

දකුණු අප්‍රිකා කඩුලු රකින පිතිකරු හෙන්රික් ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

විස්සයි 20 ලීග් තරගාවලි සදහා තමන් ඉදිරියේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

33 හැවිරිදි ක්ලාසන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිවයි.

වසර 7ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ඔහු ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 60 ක් හා විස්සයි 20 තරග 58 ක් ක්‍රීඩා කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි මාසයේදී ටෙස්ට් පිටියට සමු දුන් ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළ මධ්‍යම කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුවට ද ඇතුළත්ව සිටියේ නැහැ.

Comments (0)
Add Comment