ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක් කොළඹ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් සදහන් කළේ.

මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙන්ම ටෙස්ට්, එක්දින සහ T20 තරග රටා තුනේම නායකයින් සහභාගී වී තිබෙනවා.

“නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම, වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.” යනුවෙන් අමාත්‍යවරයා තැබූ සමාජ මාධ්‍ය සටහනෙහි සදහන්.

Comments (0)
Add Comment