2022 ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(12) ආරම්භ වනවා.
දින දෙකක් පුරා බැංගලූරු හී දී මෙවර පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වන්නේ පෙරවරු 11ටයි.
ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 590 දෙනෙකු ඉදිරිපත් වන අතර, ඉන් ක්‍රීඩකයින් 228 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින්.
ශ්‍රී ලංකාවෙන් වෙන්දේසිය සදහා ඉදිරිපත් වීමට නියමිතව ඇති ක්‍රීඩකයින් ගණන 23ක්.(ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව පහතින්)
ඒ අතරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙන්ම 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්.
මේ වන විටත් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 33 දෙනෙකු රදවාගෙන හා මිලදී ගෙන ඇති බැවින් ක්‍රීඩකයින් 217 දෙනෙකු තෝරා ගැනීම සදහා වෙන්දේසියේ දී අවස්ථාව පවතිනවා. (රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව මෙතනින් ) (මිලදී ගත් ක්‍රීඩක ලැයිස්තුව මෙතනින්)
සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් සිය කණ්ඩායමේ රදවා ගැනීමට මෙවර අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිවුණා.
IPL තරගාවලිය සදහා මෙම වසරේ සිට ලක්නව් සුපර් ජයන්ට්ස් හා ගුජරාට් ටයිටන්ස් යන නව කණ්ඩායම් දෙක ද එක්වන අතර, ක්‍රීඩක වෙන්දේසියට පෙර එම කණ්ඩායම් දෙක සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබුණා.
එක් කණ්ඩායමක සංචිතයක් සදහා ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගත හැකියි. ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් උපරිම වශයෙන් 8 දෙනෙකු ද තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන්ට පවතිනවා.
සිය සංචිතය සකස් කර ගැනීම සදහා ක්‍රීඩකයින් 25 දෙනෙකු මිලදී ගැනීමට එක් කණ්ඩායමකට ඉන්දීය රුපියල් කෝටි 90ක මුදලක් වැය කළ හැකියි.
- ඒ ඒ කණ්ඩායම් සදහා ක්‍රීඩක වෙන්දේසියේ දී මේ වන විට වැය කිරීමට ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය –
චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 48ක්, දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 47.5 ක්, ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 52, කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 48, ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 59, මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 48, පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 72, රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 62, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 57, සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 68
ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 48ක්.
ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික වටිනාකමක් හිමි වන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 20 දෙනෙකු ද, ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් හිමි වන කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 34 දෙනෙකු ද ලියාපදිංචි වී තිබෙනවා.
වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකමක් සහිත කාණ්ඩය –
- වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1
- දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- මහේෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
- අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
- තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- ළහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20
- ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
- දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20