Women’s T20 Asia Cup : කවීෂාගේ උත්සාහය අපතේ යයි – නේපාලයට කඩුලු හයක ජයක්

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට නේපාල කාන්තා කණ්ඩායම අද(19) සමත් වුණා.

මෙය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී නේපාලය ලැබූ පළමු ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නේපාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 115 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 16.1 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Samjhana Khadka පන්දු 45 කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 11 ක් සමගින්.

පන්දු යැවීමේ දී කවීෂා එගොඩගේ ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය පිල වෙනුවෙන් Khushi Sharma ලකුණු 36 ක් රැස් කළ අතර, කවීෂා එගොඩගේ ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Indu Barma ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Comments (0)
Add Comment