කවාජා ඉවතට ; ට්‍රැවිස් හෙඩ් පළමු ටෙස්ට් තරගයට

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස පන්දුවට පහර දීමට නියමිතයි.

උස්මාන් කවාජාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර, කඩුලු රකින පිතිකරුවා ලෙස ඇලෙක්ස් කෙරී කටයුතු කරනු ඇති.

මිචෙල් ස්ටක් ද වේග පන්දු බලඇණිය ශක්තිමත් කරමින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වදින පළමු තරගය වන්නේ ද අලුබදුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයයි.

එම තරගය ලබන 8 වැනිදා බ්‍රිස්බේන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

David Warner, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey, Pat Cummins, Mitchell Starc, Nathan Lyon, Josh Hazlewood

Comments (0)
Add Comment