කයිල් ජර්විස් ක්‍රිකට් පිටියට සමු දෙයි

සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජර්විස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසර එකහමාරක කාලය තුළ දී ඔහු මුහුණ දුන් ආබාධ සහ අසනීප තත්ත්වයන් හේතුවෙන් 32 හැවිරිදි කයිල් ජර්විස් මෙලෙස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී තරග 84 ක දී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 132ක්.

කයිල් ජර්විස් අවසන් වරට සිම්බාව්වේ කණ්ඩායම නියෝජනය කළේ 2020 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේහී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

WORLD NEWS
Comments (0)
Add Comment