කමිදු සන්රයිසස් පිලට ජය ගෙනෙයි

කමිදු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඊයේ(25) සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් පිල පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කමිදු පන්දු 22 කින් නොදැවී ලකුණු 32 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සමගින්. පන්දු යැවීමේදී ද කමිදු මෙන්ඩිස් පන්දුවාර 3කදී ලකුණු 26 කට කඩුල්ලක් බිද හෙලුවා.

top
Comments (0)
Add Comment