කමිදු මෙන්ඩිස් අයි.සී.සී සම්මානයකින් පිදුම් ලබයි

මාර්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඔහුට අමතරව මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබුණේ අයර්ලන්තයේ මාර්ක් අඩයර් හා නවසීලන්තයේ මැට් හෙන්රි.

මාර්තු මාසයේ දී ආරම්භ වූ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැති විස්සයි 20 තරගාවලියේ දී හා ටෙස්ට් තරගාවලියේ කමිදු සුවිශේෂි දක්ෂතා දැක්වීමට සමත් වුණා.

බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 68 ක් වාර්තා කළ කමිදු, ටෙස්ට් තරගාවලියේ දී ශතක දෙකක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92 ක්.

Comments (0)
Add Comment