කණ්ඩායම් 3 ක් තරග වදින SLC T20 League තරගාවලියේ තොරතුරු එළියට

කණ්ඩායම් තුනක් ක්‍රීඩා කරන දේශීය විස්සයි 20 තරගාවලියක් (SLC T20 League) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර තිබෙනවා.

අගෝස්තු 7 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Blues, Greens හා Greys ලෙස කණ්ඩායම් 3 නම් කර තිබෙනවා.

එළඹෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය පිළිබදව ද අවධානය යොමු කර මෙම තරගාවලිය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ තරග කාලසටහන ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

top
Comments (0)
Add Comment