කඩුලු 5ක ජයක් සමග එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකා A කණ්ඩායමට

Match Report

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම අද(8) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා A කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 85 ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 58 ක් හා සෙනුරන් මුතුසාමි නොදැවී ලකුණු 45ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 34කට කඩුලු 3ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 44කට කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත්තේ පන්දුවාර 42.3ක් අවසානයේදීයි.

සහන් ආරච්චිගේ ලකුණු 63 ක් හා අශේන් බණ්ඩාර ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජෙරාල්ඩ් කොට්සි ලකුණු 48කට කඩුලු 5ක් බිද හෙලුවා.

big 3
Comments (0)
Add Comment