ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132ක්.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 45 ක් හා ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 91 ක්.
අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස කසුන් රාජිත දැවී ගියේ ලකුණු 7ක් ලබා සිටියදීයි.
තරගය අද දිනට ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 96 ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් ලකුණු 36 කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 136 ක්.