ඔස්ට්‍රේලියාව 10-0 ක් ලෙස අළුබදුන ජය ගනියි

Match Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු හයක ජයක් ලබමින් අළුබදුන ශූරතාවය ජයග්‍රහනය කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට විස්සයි 20 තරගාවලිය ද තරග 2-0 ක් ලෙස ජය ගෙන අවසන්. ඒ අනුව ප්‍රසාද ලකුණු 10-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට අළුබදුන කුසලානයේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමටයි සමත්ව ඇත්තේ.

තෙවැනි විස්සයි 20 තරගය හා ටෙස්ට් තරගය පැවැත්වීමට තවමත් ඉතිරිව ඇති පසුබිමක ඔවුන් මෙලෙස යළිත් අළුබදුන ශූරතාවය හිමි කර ගත්තා.

කැන්බරාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිමට පන්දුවාර 19.1 ක් අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 168 ක් පමණයි. ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමයට අනුව එම අවස්ථාව වන විට තරගය ජය ගැනීමටනම් එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත යුතුව තිබුණා.

top
Comments (0)
Add Comment