ඔස්ට්‍රේලියාව ලකුණු 221 ක් ඉදිරියෙන්

Day 3 Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ නිමා වුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියා.

උස්මාන් කවාජා නොදැවී ලකුණු 58 ක් ද, ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 6 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඩේවිඩ් වෝනර් ලකුණු 25 කට දැවී ගියේ ජොෂ් ටොන්ග්ගේ පන්දුවක් හමුවේයි. ජේම්ස් ඇන්ඩර්සන් විසින් මර්නස් ලබුෂේන්ගේ කඩුල්ල දවා ගත්තා. ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30 ක්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය තෙවැනි දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටි අතර, ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 325 කට දැවී ගියා.

තෙවැනි දිනයේ පෙරවරු කාලයේ දී ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 45 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ  බෙන් ඩකට් ලකුණු 98 ක් ලබා ගත්තා. හැරී බෘෘක් ලකුණු 50 කට දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 48 යි. ඔලී පෝප් ලකුණු 42 කට දැවී ගිය අතර, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 17 ක් ලබා සිටියදී දිනයේ දෙවැනි පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා ට්‍රැවිස් හෙඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416 ක්. ස්ටීවන් ස්මිත් ලකුණු 110 ක් රැස් කළේ හතරේ පහර 15 ක් සමගින්. ඩේවිඩ් වෝනර් ලකුණු 66 ක් ලබා ගත් අතර, ට්‍රැවිස් හෙඩ් පන්දු 73 කින් වේගවත් ලකුණු 77 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් හා ජොෂ් ටොන්ග් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ජෝ රූට් කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 221 ක්.

big 3
Comments (0)
Add Comment