ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩිකා Lauren Cheatle ට දේශීය තරග වාරයේ ඉතිරි තරග හා එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඇයට සිය ගෙලෙහි සමේ පිළිකා රෝගයක් සඳහා වන වෛද්‍ය ක්‍රියා පටිපාටියකට භාජනය වීමට සිදුව ඇති බැවින්.
ඇය 2021 වසරේ දී ද සමේ පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනු ලැබුවා.
පෙබරවාරි 23 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇය ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව සිටියේ.
නිමා වූ කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට වෙනුවෙන් ක්‍රීඩා කළ Lauren Cheatle කඩුලු 21 ක් දවා ගැනීමට සමත් වූ අතර, මෙවර WNCL තරග වාරයේ දී ඇය මේ දක්වා නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 11 ක් බිද හෙලා තිබෙනවා.