2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට අදාළ නිර්දේශය සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මුම්බායි හී දී අද(13) රැස් වූ ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු රැස්වීමේ දී යි ඊට අනුමැතිය මෙලෙස හිමිව ඇත්තේ.
ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමේ දෙවැනි පියවර එය වූ අතර, අනතුරුව මෙම යෝජනාව හෙට(14) සිට එළඹෙන 16 වෙනිදා දක්වා මුම්බායිහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් කමිටු සැසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම සැසියේ දී ක්‍රිකට් ක්‍රීඩාවට අනුමැතිය හිමි වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව පන්දුවාර 20යි 20 තරග රටාවෙන් කාන්තා හා පිරිමි ක්‍රිකට් තරගාවලි දෙකක් ලෙස 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වනු ඇති.
මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කර තිබුණේ 1900 වසරේ පැවැති පැරිස් ක්‍රීඩා උළෙල සදහායි. ඒ අනුව වසර 128 කට පසුවයි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ.
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දේශිය සංවිධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු නව ක්‍රීඩා 5ක් – Baseball/Softball, Flag Football, Lacrosse (Sixes) හා Squash – 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිර්දේශ කර තිබුණා.
එම ක්‍රීඩා පහටම විධායක කමිටු අනුමැතිය හිමිව ඇති බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මාධ්‍ය වෙත අද සදහන් කළේ.