2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය අද (16) හිමි වුණා.
ඒ, අද මුම්බායි හී දී පැවැති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 141 වැනි සැසිවාරයේ දී යි.
රූපවාහිනි හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ බිලියන තුනකට අධික නරඹන්නන් පිරිසක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන බැවින් ක්‍රිකට් ක්‍රීඩාව නව නරඹන්නන් පිරිසක් අතරට රැගෙන යාමට මේ ඔස්සේ හැකි වනු ඇති බවට ජගත් ක්‍රිකට් කවුන්සලය අපේක්ෂා කරනවා.
මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කර තිබුණේ 1900 වසරේ පැවැති පැරිස් ක්‍රීඩා උළෙල සදහායි.
ඒ අනුව වසර 128 කට පසුවයි ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පන්දුවාර 20යි 20 තරග රටාවෙන් කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිතයි.
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දේශිය සංවිධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු නව ක්‍රීඩා 5ක් – Baseball/Softball, Flag Football, Lacrosse (Sixes) හා Squash – 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගිය 09 වැනිදා නිර්දේශ කර තිබුණා.
පසුව එම නිර්දේශ සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවුණේ පසුගිය 13 වැනිදායි.
ඉන් අනතුරුවයි අද දිනයේ දී මෙලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය හිමිවුණේ.