ඓතිහාසික පාකිස්තාන – එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන නිවේදනය කෙරේ

වසර 17 කට පසු එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සිදු කරන පළමු ටෙස්ට් තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන – එංගලන්ත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හී දී දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 9 වැනිදා මුල්තාන් හී දී ආරම්භ වන අතර, මුල්තාන් හී දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ 2006 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව වීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ආරම්භ වන්නේ දෙසැම්බර් 17 වැනිදා කරච්චි හී දී යි.

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දෙවැනි අදියර ලෙසයි මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ.

ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී 20යි 20 තරග 7 කින් යුත් තරගාවලියක් ද පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

සැප්තැම්බර් 20 වැනිදා සිට ඔක්තෝබර් දෙවැනිදා දක්වා ලාහෝර් හා කරච්චි හී දී එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Schedule :

  • 1st Test: Dec 1-5, Rawalpindi
  • 2nd Test: Dec 9-13, Multan
  • 3rd Test: Dec 17-21, Karachi
Comments (0)
Add Comment