ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිහාසයේ පළමු ද්විපාර්ශ්වික විස්සයි 20 තරගාවලිය සදහා වන ස්කොට්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.
Richie Berrington ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා වේග පන්දු යවන්නන් වන Charlie Cassell හා Jasper Davidson කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ස්කොට්ලන්ත සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් 15 දෙනාම මෙම සංචිතයට නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 4, 6 හා 7 යන දිනවලදී Edinburgh හී දී පැවැත්වීමට නියමිතයි.
මෙය ඔස්ට්‍රේලියානු කණ්ඩායම වසර 11 කට පසුව ස්කොට්ලන්තයේ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි.
Scotland T20I squad vs Australia
Richie Berrington (c), Charlie Cassell, Matthew Cross, Brad Currie, Jasper Davidson, Chris Greaves, Ollie Hairs, Jack Jarvis, Michael Jones, Michael Leask, Brandon McMullen, George Munsey, Safyaan Sharif, Chris Sole, Charlie Tear, Mark Watt, Brad Wheal