එංගලන්ත සංචාරයට පාකිස්තානය එකග වෙයි

ජූලි මාසයේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පල කර තිබෙනවා.

ඒ, ටෙස්ට් තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීම සදහායි.

දෙරටේ ක්‍රිකට් ආයතන අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී පාකිස්තානය විසින් මෙම අනුමැතිය ලබා දී ඇති අතර, සියලු තරග ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ පැවැත්විය යුතු බවට ද තීන්දු වී ඇති බව සදහන්.

ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව සියලු තරග පැවැත්වීමට නියමිතයි.

සියලු තරග, නවාතැන් ගන්නා හෝටල් කාමර ද සහිත ක්‍රීඩාංගනවල දී පැවැත්වෙනු ඇති.

ජූලි මාසයේ පළමු සතියේ දී ක්‍රීඩකයින් 25 දෙනෙකු එංගලන්තය බලා පිටත්ව යන බවත්, ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුව තරග ආරම්භ කරන බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කියා සිටියා.

යම් ක්‍රීඩකයෙකු මෙම තරග සංචාරය සදහා එක්වීමට අකමැත්තක් දක්වන්නේනම් ඔවුන්ට ඒ සදහා කිසිදු බල කිරීමක් සිදු නොකරන බව සදහන්.

එමෙන්ම එම ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවයි එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

PAKISTAN TOUR OF ENGLAND
Comments (0)
Add Comment