එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ආදේශ කෙරේ

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.

ප්‍රහාරාත්මක පිතිකරු රොව්මන් පවෙල්ට හා ඩෙවෝන් තෝමස්ට මෙලෙස මහනුවර කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුණා.

ඔවුන් දෙදෙනා පාකිස්තාන තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැදවීම හේතුවෙනුයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට රොව්මන් පවෙල්ට හා ඩෙවෝන් තෝමස්ට සිදු වුණේ.

ඒ අනුව රොව්මන් වෙනුවට කැන්ඩි වොරියර්ස් පිලට එංගලන්තයේ රවී බොපාරා ආදේශ කර තිබෙනවා.

ඩෙවෝන් තෝමස් වෙනුවට එංගලන්තයේ ටොම් මුවර්ස් ආදේශ කිරීමටයි වොරියර්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

Comments (0)
Add Comment