එංගලන්තය 143 කට දවා ගනිමින් තරගයේ පාලනය නවසීලන්තය නතු කර ගනියි

Day 2 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(15) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක කණ්ඩායමට නකු කර දෙමින්.

හැමිල්ටන්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 315 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 347 ක් රැස් කළා. මිචෙල් සැන්ට්නර් ලකුණු 76 ක් හා ටොම් ලේතම් ලකුණු 63 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මැතිව් පොට්ස් කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි. මැට් හෙන්රි කඩුලු 4 ක් දවා ගත් අතර, විල් ඕරෝක් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. වැඩිම ලකුණුලාභියා වූ ජෝ රූට් ලකුණු 32 ක් රැස් කළා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 340 ක්.

විල් යන්ග් ලකුණු 60 ක් ලබා ගත් අතර, කේන් විලියම්සන් නොදැවී ලකුණු 50 යි. බෙන් ස්ටොක්ස් කඩුලු 2 ක් බිද හෙලුවා.

Comments (0)
Add Comment