එංගලන්තයට කඩුලු 7ක ජයක් ; ඔස්ට්‍රේලියා – නවසීලන්ත ගැටුම අද

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් Laura Wolvaardt ලකුණු 42 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Sophie Ecclestone ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නොදැවී ලකුණු 48 ක් රැස් කළ Nat Sciver-Brunt. Danni Wyatt-Hodge ලකුණු 43 කට දැවී ගියා.

මේ අතර, තරගාවලියේ 10 වැනි තරගය අද(8) පැවැත්වෙන්නේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතරයි. තරගය සාජා හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment