එංගලන්තයට කඩුලු 6ක ජයක් – Match Report

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 44.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණයි.

Curtis Campher නොදැවී ලකුණු 59යි.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 28ක්ව තිබියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 30ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 27.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෑම් බිලින්ග්ස් නොදැවී ලකුණු 67යි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට(1) සවුත්හැම්ටන්හීදීම පැවැත්වීමට නියමිතයි.

මෙය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

Comments (0)
Add Comment