උපුල් තරංගත් ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ඔස්ට්‍රේලියානු දේශීය තරග ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු තම කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ බවයි එරට මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) නිවේදනය කළේ.

උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31කට, එක්දින ජාත්‍යන්තර තරග 235කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 26 කට ක්‍රීඩා කළ අතර, පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු ජාත්‍යන්තර තරග පිටියට සමු දීමට තීරණය කළා.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

SRI LANKA NEWS
Comments (0)
Add Comment