උතාපා චෙන්නායට අලෙවි කෙරේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී රොබින් උතාපා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහු චෙන්නායි කණ්ඩායම වෙත අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමගයි.

35 හැවිරිදි ඔහු මීට පෙර මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, පූනේ වොරියර්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් වැනි කණ්ඩායම් සදහා ද ක්‍රීඩා කර තිබුණා.

පසුගිය වසරේ දී රොබින් උතාපා ඉන්දීය රුපියල් කෝටි 3ක මුදලකටයි රාජස්ථාන් කණ්ඩායම සමග ගිවිසුම් ගත වුණේ.

 

Comments (0)
Add Comment