රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාත් කෝලිට, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට හා ලක්නව් කණ්ඩායමේ උපදේශක ගෞතම් ගම්භීර්ට එරෙහිව දඩුවම් නියම කිරීමක් සිදු කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (1) රාත්‍රියේ පැවැති තරගාවලියේ 43 වැනි තරගයෙන් පසුව ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන්.
ඒ අනුව කෝලිට හා ගම්භීර්ට තරග ගාස්තුවෙන් 100% ක දඩ පැනවීමක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නවීන් උල් හක්ට තරග ගාස්තුවෙන් 50% ක දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.
ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
තරගයෙන් අනතුරුව දෙපිලේ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් අතට අත දී ආචාර කර ගන්නා අවස්ථාව අතරතුර දී යි අදාළ උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ. (දර්ශන පහතින්)
LAFDA😭🔥 pic.twitter.com/DNK1hFI4Dh
— a (@91atgabba) May 1, 2023