උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙරට දී දින 14ක පුහුණු කදවුරක් පැවැත්වීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව උගන්ඩා කණ්ඩායම අද(10) පෙරවරුවේ දී දිවයිනට පැමිණි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
පුහුණුවීම් සදහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් ලබා දී ඇති බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.
ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සංවර්ධන සංචිතවලින් කණ්ඩායමක් සමග උගන්ඩා කණ්ඩායම තරග 7කින් යුත් 20යි 20 තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
පිටියේ විනිසුරුවන්, ලකුණු සටහන් කරන්නන්, තරඟ අතරතුර අවශ්‍ය ආහාර පාන, වෛද්‍ය සහාය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ද උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙරට තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ඇති.
උගන්ඩා ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම පහසුකම් ලබා දීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩල කතානායකවරුන්ගේ සමුළුව අතරතුර දී එම ඉල්ලීම සිදු කර තිබුණා.