2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයෙන් උගන්ඩාව පරදා කඩුලු 9ක දැවැන්ත හා සැනසුම්දායක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) පෙරවරුවේ සමත් වුණා.
ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් උගන්ඩාවට පන්දුවාර 18.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 40 ක් පමණයි.
Kenneth Waiswa ලකුණු 11 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ටිම් සවුති සිය පන්දුවාර 4 තුළ ලකුණු 4 කට කඩුලු 3 ක් දවා ගත්තා. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 7 කට කඩුලු 2 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 8 කට කඩුලු 2 ක් ද, රචින් රවීන්ද්‍ර ලකුණු 9කට කඩුලු 2ක් ද බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 5.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 22 (15)යි.
[team_standings 59914]