ඉෂාන්ට් ෂර්මා IPL තරගාවලියෙන් ඉවතට

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, පසුගිය 7 වනදා ඔහු පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී ඉෂාන්ට් ෂර්මා එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

 

Comments (0)
Add Comment