පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත තරගය වර්ජනය නොකර ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට උපදෙස් ලබා දුන් බව එරට රජය පවසනවා.
පාකිස්තාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif මෙම තීරණය ගෙන ඇත්තේ ඉරිදා දිනයේදී අයි.සී.සී නියෝජිතයින් හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් සමග ලාහෝර්හීදී පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi විසින් අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුවයි.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි මිතුරු රටවල් සිදු කළ ඉල්ලීම් ද සලකා බලා මෙම තීරණය ගත් බව පාකිස්තානය රජය සදහන් කළා.
පාකිස්තාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif හා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ද දුරකතන සංවාදයක් සදුදා පස්වරුවේ පවත්වා තිබෙනවා.
එහිදී වත්මන් අවුල් සහගත තත්ත්වය සාමකාමීව විසඳීම සඳහා දැඩිව සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි පාකිස්තාන රජය නිවේදනය කළේ.
ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීමට නොහැකි බවට බංග්ලාදේශය ප්‍රකාශ කිරීම හේතුවෙන් බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට අයි.සී.සීය කටයුතු කළා. එය අසාධාරණ බව ප්‍රකාශ කරමිනුයි පාකිස්තානය මෙවර තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමට තීරණය කර තිබුණේ.
මේ අතර, අයි.සී.සීය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉරිදා පැවැති සාකච්ඡාව පිළිබද තොරතුරු අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත කිසිදු මූල්‍ය, ක්‍රීඩා හෝ පරිපාලන දඬුවමක් පැනවීමෙන් වැළකී සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ.
එමෙන්ම 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බංග්ලාදේශයට අයි.සී.සී තරගාවලියක සත්කාරකත්වය ලබා දීමට ද අයි.සී.සීය එකගතාවය පල කර තිබෙනවා.
ISLAMABAD, February 9, 2026.
The Honorable Prime Minister of Pakistan, Mr. Shehbaz Sharif has been formally briefed by the Chairman of the Pakistan Cricket Board (PCB), Mr. Mohsin Naqvi, regarding the outcomes of high-level deliberations held between the PCB, representatives of…
— Government of Pakistan (@GovtofPakistan) February 9, 2026