ඉන්දු-ඔස්ට්‍රේලියා තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2024-25 තරග වාරය සදහා වන ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ දී ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරග 3කින් යුත් එක්දින තරගාවලියක් හා තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනතුරුව ඉන්දියාවට එරෙහිව තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය නොවැම්බර් 4 වැනිදා ද, විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වන්නේ නොවැම්බර් 22 වැනිදා පර්ත් ක්‍රීඩාංගනයේ දී යි.

ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, මෙල්බර්න් හා සිඩ්නි හී දී අනෙක් ටෙස්ට් තරග 4 පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ශූරතාවය ඔස්ට්‍රේලියාව විසින් අවසන් වරට ජය ගෙන ඇත්තේ 2014–15 තරග වාරයේ දී යි.

Australia Men fixtures for 2024-25 season

ODI Series vs Pakistan

  • 4 November: MCG, Melbourne (D/N)
  • 8 November: Adelaide Oval, Adelaide (D/N)
  • 10 November: Perth Stadium, Perth (D/N)

T20I Series vs Pakistan

  • 14 November: The Gabba, Brisbane (N)
  • 16 November: SCG, Sydney (N)
  • 18 November: Bellerive Oval, Hobart (N)

Test Series vs India

  • 22-26 November: Perth Stadium, Perth
  • 6-10 December: Adelaide Oval, Adelaide (D/N)
  • 14-18 December: The Gabba, Brisbane
  • 26-30 December: MCG, Melbourne
  • 3-7 January: SCG, Sydney

Women’s T20I Series v New Zealand

  • First T20I | September 19: Great Barrier Reef Arena, Mackay (N)
  • Second T20I | September 22: Great Barrier Reef Arena, Mackay (N)
  • Third T20I | September 24: Allan Border Field, Brisbane (N)
    Women’s ODI Series v India

Women’s ODI Series v India

  • First ODI | December 5: Allan Border Field, Brisbane (D/N)
  • Second ODI | December 8: Allan Border Field, Brisbane (D)
  • Third ODI | December 11: WACA Ground, Perth (D/N)

Women’s Ashes Series v England

  • First ODI | January 12: North Sydney Oval, Sydney (D)
  • Second ODI | January 14: Junction Oval, Melbourne (D)
  • Third ODI | January 17: Blundstone Arena, Hobart (D)
  • First T20I | January 20: SCG, Sydney (N)
  • Second T20I | January 23: Manuka Oval, Canberra (N)
  • Third T20I | January 25: Adelaide Oval, Adelaide (N)
  • Test Match | January 30 – February 2: MCG, Melbourne (D/N)
Comments (0)
Add Comment